Tuesday, November 3, 2015

MS Office Excel සම්පුර්ණ පාඩම් මාලාව සිංහලෙන්


MS Office Excel සම්පුර්ණ පාඩම් මාලාව සිංහලෙන් 

Google Glass

Google Glass

මීට අවුරුද්දකට පමණ පෙර Google සමාගම නිකුත් කල වීඩියෝ පටයක විද්‍යා ප්‍රබන්දයකින් උපුටා ගත් ආකාරයේ උපැස් යුවලක් දක්නට ලැබුනි. මෙය දැක්නට ලැබුණු විගසම වාගේ මට සිතුනේ තවත්  දශකකියකින් පමණ මේවා එලිදකින විට මේ ලෝකය කොතරන් වෙනස්වේ දැයි කියාය. දශකයක්? මෙම විසිමිත උපකරණය තවත් මාස 10කට නොඅඩු කාලයින් අප අතට පත් වෙනවා!
Google Glass යනු තවත් එක් ඉලෙක්ට්‍රොනික් උපකරණයක් නොවේ. එය මෙපමණ කාලයක් අප ජීවිතය ගතකල ආකාරය විශාල වෙනසකට ලක්කළ හැකි නවමු නිපැයුමකි.
මීට ශතවර්ෂයකට වඩා වැඩි කාලයකට පෙර දුරකථනය  නිපදවූ විට හෝ 1970 දශකයේදී ජංගම දුරකථනය නිපදවූ විටදි හෝ  එය මෙතරම් අප ජීවිතය බලපෑමක් වේ යැයි නොසිතු බව අප සැමවිටම සාකච්චා කරන මාතෘකාවකි. එලෙසින්ම මෙම Google Glass සංකල්පය විශාල වෙනසකට මග පාදන බවනම් සහතිකයි. ඔබ මෙතෙක් කලක් රැගෙන ගිය Smart ජංගම දුරකථනය හෝ කැමරාව සිදුකල කාර්ය ඔබ පළදින උපැස් යුවල සිදු කලහොත් කෙසේ හැගේවිද?
පරිගණක ක්‍රීඩා වල යෙදෙන ඕනෑම කෙනෙක්, FPS ක්‍රීඩාවක යෙදෙනේ නම්, ඔබට ලැබෙන පණිවවුඩ, අදාල mission එකට අදාල තොරතුරු, ඉතුරු වී ඇති උණ්ඩ ප්‍රමාණය යනාදී සියල්ලම ඔබගේ දර්ශන පථයේ කෙළවරවල් වල දක්නට ලැබෙනනේය. [මම FPS තෝරා ගත්තේ එය ඔබට පෙනෙන ආකාරය හුවා දක්වන බැවිනි. නැත්නම් ඕනෑම පරිගණක ක්‍රීඩාවක මේවා දක්නට ලැබෙනවා.] මේ අකාරයටම Google Glass ඔබේ දර්ශන පථයේ දකුණු පස ඉහල කෙලවරේ Options රාශියක් සහිත තිරයක් පෙන්වනු ඇත.
එහෙම අමාරුයිනේ!! නෑ, මෙය භාවිත කල මාධ්‍ය වේදීන් පවසන්නේ මුලින්ම පැළදු විට එය අපහසු වුවද කාලයත් සමග එය ඔබගේ දර්ශනයේ කොටසක් බවට පත්වන බවයි. සාමාන්‍යයෙන් මෙය ඔබට වෙලාව පෙනුම්කරණ අතර ඉන් අනතුරුව අපගේ විධානයන්ට අනුව අපට අවශ්‍ය විවිඩ වැඩ කටයුතු සිදු කර දේ. මෙයට විදාන සැපයීමට අපගේ කටහඩ හෝ උපැස් යුවලේ දකුණු පස ඇති ස්පර්ශ සංවේදී කොටස භාවිතා කල හැක. අපගේ කටහඩින් පාලනය කරන විට “Okay Glass” යැයි පවසා අදාල විධානය ලබාදීම පමණක් සෑහේ.
ඉහත වීඩියෝ පටයේ දැක්වූ ලෙසම ඔබට ඕනෑම මොහොතක පින්තුරයක් ගැනීම, වීඩියෝ කිරීම, GPS භාවිතයෙන් මං පෙන්වීම [navigation], Google Search හරහා ඕනෑම දෙයක් සොයා ගැනීම වැනි බොහොමයක් දෑ තම කටහඩ ආදාරයෙන් පමණක්ම ඉතාමත් පහසුවෙන් සිදුකල හැකිය. මෙහි වැදගත්ම කරුනනම් තමා යෙදීසිටින ක්‍රියාවෙන් ඉවත් වීමට හෝ මෙම වීඩියෝ කිරීම වැනි බොහෝ කටයුතු නිසා තම කතාබහ වලට සහ එතන සිටින අයගෙන් වෙන් වීමට සිදු නොවීමයි. මෙම සියල්ලම නිසා අප සතුටු වූ මොහොතවල්, අපි එය දුටු ආකාරයටම, එම සිදුවීමට කිසිම බධාකිරිමකින් තොරව රසවිදින අතරම සදාකල් පවතින මහකයක් වන විඩීයෝපටයක්ද සැකසිය හැකිය! මේ ආකාරයට මෙම Google Glass ලබාදෙන සේවාවන් බොහොමයක්, අප ඒවා මෙතෙක් කල ආකාරයේ සිට තවත් ඉහල තලයකට ගෙනයනු ඇත!
colsupමෙතෙක් පැමිණි තාක්‍ෂණය අප ජිවිත පහසු කල අතරම ඒවා තවත් ආකාරයක සමාජ දුෂනයකටද මග පෙන්වූයේය. මෙම උපකරණය අපට ඉතා පහසුවෙන් වීඩියෝගත කිරීමට ඉඩ සැලසීමේ ඇති අනර්ග අවස්ථාව ලෙසම එම මන් හරහා මිනිසා එය නොමගට යොදාගන්නා ආකාරයද අප සියලු දෙනාටම ඉතාමත් පහසුවෙන් සිතා ගත හැක. එහි එක් ඉතාමත් සුළු උදාහරණයක් ලෙස The Verge වෙබ් සගරාවේ මාධ්‍යවේදීන් මෙම Google Glass අත්හදාබලන විට එය පැළද එක වෙළදසැලයට යන විට ඔවුන්ගේ වීඩියෝ උපකරණ ක්‍රියවිරහිත කරන ලෙස දානුම්දී ඇත. එත් කවුරු දන්නා Google Glass ද! ඒ පිරිස ඉතාම පහසුවෙන් මෙම උපැස් යුවලෙන් එම වීඩියෝගත කිරීම දිගටම සිදුකළේය. ඔව්, Google Glass ජනතාව අතරට පැමිණි විට මෙවැනි දේවල් සිදු වීම අපහසුය. එහෙත් මෙය එවැනි නොමනා ක්‍රියාවලට ලබාදෙන අවස්ථාව මෙම කුඩා සිදුවීමෙන් ඉතාමත් හොදට පැහැදිලිවේ.
එහෙත් මෙවැනි කරුණු නිසා තාක්‍ෂණික දියුණුව නැවතිමද විහිළුවකි. අවස්ථාව කොපමණ තිබුනද මිනිසාට මොලයක් සහ හදවතක් ලබදී ඇත්තේ එබැවිනි. මෙහි වැරදි භාවිත බොහොමයක් සිදුවනු ඇත. එය මිට පෙර පැමිණි මෙවැනි නවමු නිපැයුම් සමගද සිදුවිය. එම නිසා මෙය  සමාජය බාරගන්න ආකාරය මෙය නිකුත් වූ විට අපට පහසුවෙන්ම දක්නට ලැබෙනු ඇත. එය හොද අතට යොමු වෙනු ඇතැයි ප්‍රර්ථනා කිරමට පමණක් අපට සිදුකල හැකිය.
GoogleGlass colors
Google Glass වර්ණ කිහිපයකින්ම නිකුත්වන අතර ඔබට ගැලපෙන වර්ණයෙන් අනාගතය වර්ණ ගැන්වීම ඔබ සතුය! මෙහි මිල වාර්තා වන ආකාරයට $1500ක් හෝ ඊට අඩු වනු ඇත. [$1500 ~ රුපියල් ලක්‍ෂ 2ක්] එය ඉතා ඉහල අගයක් ගත්තද, මෙය අපට ඉදිරිපත් කරන සංකල්පය මෙම මිලට ඉතාමත් අගනා බව සහතිකය!
PS : මෙම ලිපිය සම්පූරණයෙනම  වාගේ පාදකවී තිබෙන්නේ THE VERGE නම වෙබ්-සගරාමය-අඩවියේ අන්තරගත ලිපියකිනි.

මොනාද මේ IP address!

මොනාද මේ IP address!

ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන .IP(internet protocol) වලින් කරන ප්‍රධාන කාර්ය තමයි පරිගනක අතර සම්බන්දතාවය තබා ගැනීම.මේ නිසා සෑම පරිගනකයකට ඒකටම වෙන්වුන IP එකක ලබා දී තිබෙනවා [තමන්ගේ ip address බලාගැනීමට commandpromt(cmd) එකේ ipconfig කියලා ගහන්න ]   0:)
IP එක අපිට වර්ග දෙකකට බෙදන්න පුලුවන්. IPversion 4 (IPv4) හා IP version 6 (IPv6)   කියලයි.  අපි වැඩියෙන්ම පාවිච්චි කරන  IPv4 ගෙන කතාකරමු…

IP Version 4

IPV4 තමයි තාම ජනප්‍රියම Internet protocol එක.මොකද IPv6 එක තියෙන්නේ තාම ළදරු අවදියක.  IP address එකක byte 4ක් තියෙනවා.එක byte හදුන්වන්නේ Octal එකක් කියලයි.  Octal එකක උපරිම අගය 255 සහ අවම අගය 0 වේ.එම අගය 8බිට් (8 bit) වලින් පෙන්න්වයි. Ip addressඑකට  bit 32තිබේ. පහත පින්තුරය බලද්දි ඔයාලට මම කිව්ව එක තේරෙයි.
අපිට IP adress එක 5කට බෙදා දක්වන්න පුලුවන්.

IP Address Classes

1.CLASS A

Class A IP address එක යොදා ගන්නේ  ගොඩාක් Host තියෙන network එකකට.මුල් octalඑකNetwork ID එක නියොජනය කරන අතර ඉතිරි Octals Host ID නියොජනය කරයි.මෙම Class එක මගින් 126 networks හා16,777,214 hosts per network ලබා දෙයි.

2.CLASS B

මෙම class  එකේ IP address යොදා ගන්නේ  මධ්යම හා විශාලව network එකකටය.මෙහි මුල් octal 2කම Network ID නියෝජනය කර  ඉතිරි  octals host id නියෝජනය කරයි. 16,384 networks හා 65,534 hosts per networkලබා ගැනීමට හැකිය

3.CLASS C

මෙම class එකේ IP යොදා ගන්නේ කුඩා network එකකටය.මෙහි මුල් octal 3ම  network id නියෝජනය කරයි. ඉතිරි octal එක host id නියෝජනය කරයි. 2,097,152 networks හා254 hosts per network ලබා  ගැනීමට හැකිය

4.CLASS D

මෙම class එකේ IP address පාවිච්චි  කරන්නේ multi casting සදහාය.

5.CLASS E

මෙම Class එකේ Ip address පාවිච්චි  කරන්නේ experiments සදහාය.
(ඉහත කිව්ව classes වල summary  එකක් ) [ w.x.y.z=0.0.0.0]
CLASSLEADING
BITS
SIZE OF NETWORK
NUMBER
 BIT FIELD
SIZE OF REST
BIT FIELD
NUMBER
OF NETWORKS
ADDRESSES
PER NETWORK
START ADDRESSEND ADDRESS
Class A0824128 (27)16,777,216 (224)0.0.0.0127.255.255.255
Class B10161616,384 (214)65,536 (216)128.0.0.0191.255.255.255
Class C1102482,097,152 (221)256 (28)192.0.0.0223.255.255.255
Class D (multicast)1110not definednot definednot definednot defined224.0.0.0239.255.255.255
Class E (reserved)1111not definednot definednot definednot defined240.0.0.0255.255.255.255

Class Range of IP Address

  • Class A    1.0.0.0 to 126.0.0.0
  • Class B     128.0.0.0 to 191.255.0.0
  • Class C     192.0.0.0 to 223.255.255.0

Subnet Mask

Subnet mask එකෙන් වෙන්නේ host bits  එකෙන් අරගෙන  subnet bit එකක් හැදීමයි.මෙම  subnet එකක් හැදීමෙන්  network සහ host ගනන වෙනස් කරගැනීමට පුලුවන්.. මෙසේ “/” යෙදීමෙන් subnet mask bit එක ලියා දැක්වන්න පුලුවන්.
  • උදාහරන:- 192.168.5.130/24   මෙහි 24 යනු  subnet mask එකයි.  මුලු බිට් 32කෙන් 24ක් Subnet bit සදහා යොදාගෙන ඇත. එම නිසා මුල් බිට්24 ම network id සදහාද ඉතුරු බිට් 8ම host id  සදහාද යොදා ගෙන තිබේ.
මෙම වගුවෙන් පැහැදිලි කර තිබෙන්න එම subnet ක්‍රියවලියයි
DOT-DECIMAL NOTATIONBINARY FORM
IP address192.168.5.13011000000.10101000.00000101.10000010
Subnet Mask255.255.255.011111111.11111111.11111111.00000000
Network Portion192.168.5.011000000.10101000.00000101.00000000
Host Portion0.0.0.13000000000.00000000.00000000.10000010
Classes වල Default Subnet mask එක පහත දක්වා තිබේ
  • Class A- 255.0.0.0
  • Class B -255.255.0.0
  • Class C- 255.255.255.0

IPv4 Private Address

හැම Class එකකම IP address පුද්ගලික පාවිච්චිය සදහා වෙන් කර දී ඇත.පහත වගුවේ ඇත්තෙ එම IP ranges ටිකයි.
IANA-RESERVED PRIVATE IPV4 NETWORK RANGES
STARTENDNO. OF ADDRESSES
24-BIT BLOCK (/8 PREFIX, 1 X A)10.0.0.010.255.255.25516,777,216
20-BIT BLOCK (/12 PREFIX, 16 X B)172.16.0.0172.31.255.2551,048,576
16-BIT BLOCK (/16 PREFIX, 256 X C)192.168.0.0192.168.255.25565,536

හොඳ Graphic Card එකක් තෝරා ගැනීම




ඔබ Game ගැසීමට හෝ Graphic Designing වලට තම පරිගණකය භාවිතා කරන්නේනම් ඔබගේ අවධානය ප්‍රධාන වශයෙන්ම යොමුවන සාධකය වන්නේ Graphic Card එකයි. ඔබ Graphic Card ගැන වැඩිදුරටත් අධ්‍යනය කර නොමැති නම් Graphic Card එකක් යනු යම්කිසි Megabyte හෝ Gigabyte ප්‍රමාණයක් මගින් ක්‍රියාකාරිත්වය තීරණය වන තවත් එක පරිගණකයේ කොටසක් පමණක් බව සිතනු ඇත. එහෙත් සත්‍ය වශයෙන්න මෙම සාදකය Graphic Card එකෙහි හැකියාව නිර්ණය කිරීමට ඉතාමත් අවම සහයෝගයක් ලබාදේ. එම නිසා ඔබට ගැලපෙන Graphic Card එක තීරණය කිරීමට අවශ්‍ය අනෙකුත් දත්ත ගැන විස්තර ලබාදීම මෙම ලිපියේ අරමුණයි. මෙහිදී මම nVIDIA වෙබ් අඩවිය සපයන Graphic Card තොරතුරු විග්‍රහ කිරීමට බලාපොරොත්තුවේ. AMD පිළිබද මගේ දැනුම ඉතාමත් අල්ප බැවින් එය පිළිබද අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි.
ඔබට අවශ්‍ය ඕනෑම Graphic Card එකක Specifications බලාගැනීමට එම නම Google කර GeForce වෙබ් අඩවියේ  Search Result එකට පිවිසී එහි Specification tab එක වෙත යන්න. මෙහිදී එම Graphic Card එකෙහි සාමාන්‍ය තොරතුරු ලබාදෙන අතර එය ඔබ මිලදීගන්න නිෂ්පාදකයා අනුව ඉතා සුළු වශයෙන් අඩු වැඩි විය හැකිය. එම දී ඇති තොරතුරු අනුපිලිවෙලටම එහි තේරුම පහත සඳහන්ය.
  •  GPU Engine Specs: GPU යනු Graphics Processing Unit වන අතර මෙය Graphic Card එකේ ප්‍රධානම පරිපථයයි. මෙය මතකය හසුරුවමින් සහ වෙනස් කරමින් පරිගණක තිරය මත පින්තුර මැවීමට සහය ලබාදේ. එය පිළිබද තොරතුරු මෙම කොටසින් ලබාදේ.
මෙහි පළමු මිනුම වන්නේ CUDA Cores නොහොත් Compute Unified Device Architecture Cores යන්නයි.  මෙය nVIDIA සමගම විසින්ම නිර්මාණය කල විශේෂ තාක්ෂණයක් වන අතර එය සාමාන්‍ය CPU එකක් ලෙසම GPU එකටද ගණනය කිරීමේ හැකියාව ලබාදේ. එහෙත් සාමාන්‍ය CPU එකට වැඩ ඉතාමත් වෙනස්  අයුරින් ක්‍රියා කරන අතර මෙය Graphic Developersලට ඉතාමත් පුළුල් Developer Tools  ලබා දීමට ඉඩ සලසා ඇත. මෙම අගය ඉහල වන තරමට Graphic Card එකෙහි බලය තවත් ඉහල නගී.
GPU එකෙහි වේගය ඊළගට Base Clock ලෙස දී ඇති අතර එයට ලබාගත හැකි උපරිමය Boost Clock මගින් ලබාදේ. මෙම උපරිමය Software ආධාරයෙන් ලබාගන්නා අතර මුලික වේගය එම පරිපථය විසින් ස්වාදීනව ලබාදේ. එම නිසා Base Clock එක GPU එකෙහි සැබෑම වේගය වන අතර Boost Clock එක ලබාදෙන අගය Virtual අගයකි.
මෙම කොටසේ අවසාන දත්තය වන Texture Fill Rate එක විසින් ලබාදෙන අගයනම් එම GPU එක මගින් තප්පරයකට නිෂ්පාදනය [Render] කල හැකි පික්සල් [Pixel] ප්‍රමාණයයි.
  • Memory Specs: මෙය Graphic Card එකෙහි මතකය පිළිබදය දත්ත සපයන කොටසයි.
Memory Clock එක මගින් Graphic Card එක මතකය හසුරුවන වේගය ලබාදේ. [ඉතාමත් නවතම Graphic Cards වල මෙම අගය 6-7GBps වන අතර මෙරට ඇති බොහොමයක් Mother Board වල ඇති PCI Express 2.0 port එකට හැසිරිවිය හැක්කේ 5GBps ප්‍රමාණයක දත්ත වේගයක් පමණි. එම නිසා බොහෝදුරට ඔබ මිලදීගන්න Graphic Card එකෙහි විශාල වේගයක් දැක්වුවද ඔබගේ පරිගණකය එයින් 5GBps ප්‍රමාණයක් පමණක භාවිත කරනු ඇත.]
Standard Memory Config මගින් Graphic Card එකෙහි මතක ධාරිතාව ලබාදෙනු ඇත.
Memory Interface එක මගින් අදාල Graphic Card එකෙහි GDDR Version එක ලබාදේ. [මෙය RAM වල DDR වලට බොහෝදුරට සමාන දෙයක් වන අතර එහි වැඩි විස්තර මට සොයාගැනීම අපහසු විය. ඒ පිළිබද සමාව අයදිමි. GDDR5 හෝ ඊට ඉහල අගයක version එකක් වර්තමානයේ පැමිණෙන Graphic Card වල පවතී.]
Memory Interface Width මගින් අදාල bit අගය ලබාදේ. මෙම අගය පවසන්නේ වරකට යවන දත්ත ප්‍රමාණය කොපමණද යන්නයි. ඉතාම සරලව පැවසුවොත් එක bit එකක් පාරක එක lane එකක් නම් දත්ත සදහා ගමන් කිරීමට ඇති සම්පුර්ණ lane සංක්‍යාව මෙම අගය මගින් ලබාදේ.
මෙම කොටසේ අවසාන දත්තය වන Memory Bandwidth මගින් Graphic Card එකට දත්ත කියවිය හැකි වේගය ලබාදේ.
  • Feature Support: මෙහි Graphic Card එක සතු වෙනත් හැකියාවන් සහ එය සහය දක්වන සේවාවන් ගැන විස්තර ඇතුලත්ය.
OpenGL යනු API නොහොත් Application Programming Interface එකක් වන අතර එමගින් Graphics Render කිරීමට සහය GPU එකට ලබාදෙන අතර එය එම ක්‍රියාවලි තවත් වේගවත් කිරීමටද [Hardware Accelerated Rendering] සහය වේ. ඔබට මෙහිදී අදාල Graphic Card එක Support කරන ඉහලම OpenGL software version එක කුමක්ද කියා දැනගත හැකිය.
Bus Support මගින් මෙම Graphic Card එකට අදාල PCI Express port එක කුමක්ද කියා පෙනවදේ. මෙය බොහෝදුරට PCI Express 3.0 වනු ඇත. එහෙත් මෙම අගය උපරිමයක් සටහන් කරන බැවින් PCI Express 2.0 port  එකට වුවද Graphic Card එක සම්බන්ද කිරීමෙන් ප්‍රශ්නයක් සිදුනොවේ. එහෙත් ඉහත මා පැවසු පරිදි  එලෙස සිදුකළහොත් ඔබට Memory Clock එකෙහි උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකිවනු ඇත.
Certified for Windows 7 මගින් Windows 7 උදෙසා සහය දක්වනේද නැද්ද යන්න කියාපායි.
Supported Technologies එම Graphic Card එක සතු, nVIDIA සමාගම දියුණුකළ, විවිධ හැකියාවන් කුමක්දැයි ප්‍රකාශ කරයි.
3D Vision Ready යනු nVIDIA සමාගමේ ත්‍රිමාණ තාක්ෂණ ක්‍රියාවලිය වේ. මෙය ඔබට සාමාන්‍ය කඩදාසි 3D කණ්ණාඩි මගින් හෝ 3D monitor එකක් සතුයිනම් එමගින් ඉතාමත් වින්දනීය ත්‍රිමාණ අත්දැකීමක් ලබාදීමට හැකියාව සලසයි.
  • Display Support: මෙමගින් ඔබට Graphic Card එකට එකවර සම්බන්ද කල හැකි තිර [monitors] සංක්‍යාව, තිරයේ උපරිම Resolution එක, ඊට අදාල වෙනත් තාක්ෂණික දත්ත, තිරය සම්බන්ද කළ හැකි විවිද port මොනවද යන්න [VGA, HDMI, DVI….] සහ HDMI සදහා හඩ [Audio] ලබාදෙන්නේ කෙසේදැයි යන්න පිලිබදව විස්තර ඇතුලත්ය.
  • Standard Graphics Card Dimensions: Graphic Card එකෙහි දිග පළල සහ එය පරිගණක casing එකේ slots කියක් භාවිත කරයිද යන්න දක්වයි. මෙම අගය වර්තමානයේ slots දෙකක් දක්වා ඉහල නැංවී ඇත.
  • Thermal and Power Specs: මෙය Graphic Card එකට දැරිය හැකි උපරිම උණුසුම සහ එය පරිබෝජනය කරන විදුලි ප්‍රමාණය දක්වයි. අවසානයේ ඔබ මෙයට සම්බන්ද කලයුතු power supply port එක කුමක්දැයි දක්වයි.