Thursday, May 17, 2012




ඔබේ Facebook account එක ආරක්ෂා කර ගැනිමට පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න




තමන්ගේ අනන්‍යතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebookවේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.
ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.


1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය.ඔවුන් සමග chatකිරිමේදි පරිසම් වෙන්න.ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගනි.


2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.


3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්‍රසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Loginවෙන්න කියාය.ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.

4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.


5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය.

Sunday, May 13, 2012

ඉන්ටෙල් මයික්‍රොප්‍රොසෙසර

ඉන්‍‍ටෙල් කෝපරේෂන් (NASDAQ:INTC,SEHK:4335)ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්‍රේණියේ මයික්‍රොප්‍රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්‍රොනික වෙළඳ සමාගම(Integrate Eletronics Corporation) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC , ෆ්ලෑෂ් මතක, චිත්‍රක (graphic) චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ සන්නායක සම්බන්ධයෙන් පුරෝගාමීන් වන, රොබට් නොයිස් සහ ලෝර්ඩන් මෝ සමග රොබට් ග්රූව්ගේ විධායක නායකත්වය සහ දර්ශන මත ලොඩනගනු ලැබූ Intel උසස් චිප් නිර්මාණ හැකියාව සහ නවතම නිෂ්පාදන හැකියාව එකට එක් කරයි. ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්‍යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්‍රථම වාණිජ ප්‍රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවු‍න්ගේ මූලික ව්‍යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්‍රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල ව‍ශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්‍රොසෙසර සැකසීමේ ප්‍රමුඛයා බවට ඉන්ටෙල් පත්විය.තවද එහි වෙළඳපොළ තත්වය ආරක්ෂාකර ගැනීමට මෙන්ම PC කර්මාන්තයේ පාලනය සතු කර ගැනීමේ මයික්‍රොසොෆ්ට් සමග සටනේ දී ඔවුන් යොදාගත් ‍ප්‍රවේගකාරී හා විප්ලවකාරී ප්‍රයෝග පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. මිල්වර්ඩ් බ්‍රවුන් ඔප්ටිමර් (Millward Brown Optimor) විසින් 2007 දී ප්‍රකාශිත ලොව වඩාත්ම බලවත් වෙළඳ නාම 100 ලැයිස්තුවේ සමාගමේ වෙළඳ නාමය 15 ස්ථානයේ සිට 25 ස්ථානය දක්වා ස්ථාන 10 කින් පහළ වැටී තිබුණි.

Saturday, May 12, 2012


උබුන්ටු (පරිගණක මෙහෙයුම් පද්ධතිය)


උබුන්ටු   ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.

දකුණු අප්‍රිකානු උබුන්ටු ("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත.  විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.  අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක්  පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.
උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග බලපත්‍රයක් ( නිදහස් මූලාශ්‍ර ලෙසද හඳුන්වයි)යට‍තේ බෙදාහැරි මෘදුකාංග වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම GNU General Public License (GNU GPL) බලපත්‍රය සමග GNU Lesser General Public License (GNU LGPL) භාවිතා කර ඇත. එම බලපත්‍ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ, පිටපත් කිරීමේ, බෙදාහැරීමේ, ගවේශනයේ, වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත. උබුන්ටු සඳහා දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්ත් ට අයත් කැනොනිකල් ලිමිටඩ් යන එංගලන්ත ආයතනය අනුග්‍රහය දක්වයි. එකී කැනොනිකල් ලිමිටඩ් ආයතනය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සඳහාතාක්ෂණික අවශ්‍යතාවයන් සහ සේවා සැපයීම මගින් ආදායම් ලබයි.
එසේම තවත් උබුන්ටු ව්‍යුත්පන්නයන් තුනක් සඳහා කැනොනිකල් ආයතනයේ අනුමැතිය හා සේවාවන් ලබාදේ: කුබුන්ටුඑඩියුබුන්ටු (උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය ලෙසද මෙය හඳුන්වයි) සහ උබුන්ටු සර්වර් සංස්කරණය. ඊට අමතරව ස්වභාෂිත සහ සමහර දෘ‍ඪාංග සඳහා සුවිශේෂිත වූ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් ව්‍යුත්පන්නයන් කිහිපයක්ම පවතී.
කැනොනිකල් ආයතනය සෑම මාස හයකට වරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරනු ලබන අතර මාස දහඅටක් ගතවන තුරු ආරක්ෂක ප්‍රතිස්ථාපනයන්, ක්‍රමලේඛයක, පද්ධතියක හෝ වැඩසටහනක ඇතිවන අවදානම් සහගත දෝෂ නිවාරණයන් හෝ සුළු නවීකරණයන් ඇතුළු අළුත්වැඩියාවන් සපයමින් සේවා දායකත්වය ලබාදේ. ඊට අමතරව සෑම අවුරුදු දෙකකට වරක් දිගුකාලීන සේවා (දි.කා.සේ.) අනුවාදයක් නිකුත් කරනු ලබන අතර එමගින් ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකටද සර්වර් සංස්කරණ සඳහා අවුරුදු පහකටද සේවාවන් සපයනු ලබයි.  උබුන්ටු 10.10 අනුවාදය (මැවෙරික් මීර්කට්), 2010 ඔක්තෝම්බර් මස 10වන දින නිකුත් කරන ලදී. උබුන්ටු නවතම අනුවාදය වන උබුන්ටු 11.10 (ඔනිරික් ඔසිලට්), 2011 ඔක්තෝම්බර් මස 13 වන දින නිකුත් කරන ලදී.

 ඉතිහාසය සහ සංවර්ධන ක්‍රියාපටිපාටිය
සිංහල සමග උබුන්ටු 6.10 Edgy Eft
උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය.
උබුන්ටු බෙදාහැරිම් සැමවිටම නවතම ජීනෝම් අතුරුමුහුණත සමඟ පැමිණේ. මෙය අනෙකුත් ඩේබියන් බෙදා හැරීම් වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. නාමිකව එම්පිස්ක්ඇන්ඩ්රෝස්ලින්ස්පියර්පොගෙන්සි හා ලිබානෙට්. මෙවා බොහෝ විට සංවෘත කේත හා මුල්‍යපාදක බෙදාහැරීම් විය. නමුත් උබුන්ටු, ඩේබියන් හි සංකල්පයට වඩාත්ම ගැලපෙන පරිදි බොහෝ විට නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරයි.
 බෙදාහැරීම පිළිබඳව
උබුන්ටු ඩේබියන් ලිනක්ස් මත පදනම් වූ නිදහස් මෙහෙයුම් පද්ධතියකි. එහි නාමය 'සූලූ' වචනයක් මත තීරණය වි ඇත. මෙහි අර්ථය, අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැක. උබුන්ටු සංකල්පය වන්නේමා, මා වන්නෙ මා අවට සිටින අන්‍යයන් නිසාය ලෙස සමාජය පිලිබදව යහපත් ආකල්පයක් ලබා දීමයි.
උබුන්ටු වල මූලික අරමුණ නවතම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් සාමාන්‍ය භාවිත කරන්නන් වෙත ලබා දීමයි. මෙහිදි, පද්ධතියේ භාවිත කිරීමෙ පහසුවත්, ස්ථාපනය කිරීමෙ පහසුවත් පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇත. උබුන්ටු වඩාත්ම ප්‍රචලිත ලිනක්ස් බෙදාහැරීම ලෙස වාර්තාගත වී ඇත්තේ සියළුම මෙහෙයුම් පද්ධති භාවිත වලින් 30% පුමාණයකට හිමිකම් කීමෙනි.
උබුන්ටු නිදහස් හා ව්වෘත මෘදුකාංග එකතුවකි. එහි අර්ථය මෙය නිදහසේ බාගත කිරීමට, රිසි පරිදි භාවිතා කිරීමට, බෙදා හැරීමට හා නවීකරණයට ඔබට නීතිමය බාධාවක් නොමැති බවයි  . තවදුරටත් මෙහි කේත නොමිලේ ලබා ගැනීමට, දියුණු කර නැවත බෙදා හැරීමටද පුළුවන. උබුන්ටු සඳහා මූල්‍යමය ආධාර ලබා දෙනුයේ ඇමරිකානු කැනෝනිකල් ආයතනය මගිනි. මෙම ආයතනය දකුණු අප්‍රිකානු ව්‍යවසායකයකු වන මාක් ෂටල්වර්ත් මහතා සතු ආයතනයකි. කැනෝනිකල් ආයතනය උබුන්ටු මිලට දිමෙන් තොරව, මුදලට කාර්මික සහය ලබාදිමෙන් ලාභ අපේක්ෂා කරයි. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ආයතනයට ලොව පුරා සිටින නිදහස් මෘදුකාංග පාර්ශ්වකරුවන්ගේ (ලිනක්ස්, ඩේබියන්ජීඑන්යු) සහය ලබා ගත හැක. මෙ නිසා සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.
කැනෝනිකල් ආයතනය උබුන්ටු මත පදනම් වු බෙදාහැරීම් හතරකට කාර්මික සහය ලබා දේ. නාමිකව කුබුන්ටුක්සුබුන්ටුඑඩියුබුන්ටු, උබුන්ටු 'ජුස්' සැම මාස 6 වරක්ම කැනෝනිකල් ආයතනය නව උබුන්ටු නිකුත්කිරිමක් හදුන්වා දේ. මෙම නිකුතු සඳහා මාස 18 කාලයක් දක්වා කැනොනිකල් මගින් යවත්කල් සපයයි. මෙහිදි ආරක්ෂක යවත්කල්, සංකිර්ණ නිවැරදි කිරීම් ආදිය පාරිභෝගිකයාට නොමිලයේ ලබා ගත හැක.
දැනට භාවිතා වන නවතම බෙදා හැරීම 11.10 වේ. (2011 ඔක්තෝම්බර් මස 13 වැනි දා)
 ඉතිහාසය හා ගොඩනැගීම
උබුන්ටුඩේබියන් ව්‍යාපෘතියේ කේත මූලධර්මයන්ගෙන් පැවත එන්නකි.   නිරන්තර නවීකරණයන්ගෙන් යාවත්කාලීන වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම, සෑම මාස හයකට වරක්ම උබුන්ටු නව අනුවාදයක් නිකුත් කි‍රීමේ මූලික අරමුණයි. 2004 ඔක්තෝම්බර් මස 20 වන දින උබුන්ටු මංගල අනුවාදය එළිදක්වන ලදී
GNOME නව අනුවාදයක් නිකුත් කිරීමෙන් මසකට පමණ පසුව උබුන්ටු එළිදැක්වීමක් සිදුවේ.  සමහර වානිජ දෘඪාංග ධාවක හැරුණු විටවානිජ සහ රහස්‍ කේත වැඩසටහන් භාවිතා කරනු ලබන, ඩේබියන් ව්‍යාපෘතියෙන් පැවත එන්නාවූ අනෙකුත් ව්‍යාපෘති / නිකුතුවලට සාපේක්ෂව උබුන්ටු සඳහා මූලික වශයෙන් නිදහස් මෘදුකාංග භාවිතා කරයි].
ඩේබියන්හිඅස්ථායි අංශයන්ගෙන් සමන්විත පැකේජ, උබුන්ටු පැකේජ සඳහා පදනම වී ඇති අතර මෙම බෙදාහැරීම් දෙකම ඩේබියන්හි deb පැකේජ ආකෘතිය සහ පැකේජ කළමනාකරණ මෙවලම් (APT සහ Synaptic) භාවිතයට ගනු ලබයි. ඩේබියන් හා උබුන්ටු පැකේජ එකිනෙක කෙරෙහි ද්වීමය අනුරූපතාවයක් දැක්විය යුතු නැති නමුත් උබුන්ටු සමග භාවිතා කිරීම සඳහා .deb පැකේජයන්හී කේත නැවත ගොඩනැගිය යුතු අවස්ථාද පැන නගී.  උබුන්ටු ගොඩනගන්නන්ගෙන් බොහෝදෙනෙකු ඩේබියන්හි ප්‍රධාන පැකේජ නඩත්තුකරන්නන් වේ. උබුන්ටු සඳහා ඩේබියන් ‍අන්‍යේන්‍යව උපකාරීවන අතරම සිදුවන වෙනස්කම් මගින් ඩේබියන්ද වෙනස්කම්වලට භාජනය වේ.  එනමුත් එය එසේ සිදුනොවන බවටද විවේචනයන් පවතී. කලකට ඉහත ඩේබියන් නිර්මාතෘ ඉයන් මර්ඩොක් පවසා ඇත්තේ උබුන්ටුවල අනුරූපීයතාව පවත්වා ගැනීම සඳහා ඩේබියන් සර්ජ් වලට වඩා උබුන්ටු පැකේජ කෙරෙහි අවධානය යොමුකිරීම වෙනස් මගක් ගන්නා බවයි.  උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමකට පෙර දිගින් දිගටම ලබාගන්නා ඩේබියන් අස්ථායි පැකේජ, උබුන්ටු සඳහා විශේෂිත වූ වෙනස්කම්වලට ලක්කරමින් එකිනෙක සම්බන්ධ කරනු ලබයි. සෑම නිකුතුවකටම මසකට පෙරාතුව පැකේජ නවත්වා ලබාගැනීම එසේ ලබාගත් පැකේජ ගැටළුවකින් තොරව එකිනෙක ක්‍රියාත්මක වනබවට තහවුරු කරගනී.
දැනට උබුන්ටු සඳහා කැනොනිකල් ලිමිටඩ් ආයතනය මගින් ආධාර සපයනු ලබයි. 2005 ජූලි මස 8වන දින මාර්ක් ෂට්ල්වර්ත් සහ කැනොනිකල් සමාගම එක්ව උබුන්ටු පදනමේ ආරම්භය ප්‍රකාශයට පත් කළ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක ආධාරයක්ද කරන ලදී. මෙම පදනම ආරම්භ කිරීමේ මූලික අරමුණවනුයේ ඉදිරි උබුන්ටු අනුවාදවල ගොඩනැගීම සහ සේවා සැපයීම තහවුරු කිරීමයි. මාර්ක් ෂට්ල්වර්ත් පවසන පරිදී මෙම පදනම "හදිසි අරමුදලකි"[කැනොනිකල් සමාගමේ දායකත්වය ඇනහිටි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට].
දැනට පවතින දිගුකාලීන සේවා(දි.කා.සේ.) නිකුතුව වනුයේ 2010 අප්‍රියල් මස 29 වන දින නිකුත් කරන ලද උබුන්ටු 10.04 අනුවාදයයි.  කැනොනිකල් සමාගම විසින් සෑම අවුරුදු දෙකකට වරක්ම දිගුකාලින සේවා අනුවාදයක් නිකුත් කරනු ලබන අතර 2012 අප්‍රියල් මස නිකුත් කිරීමට නියමිත දිගුකාලින සේවා අනුවාදය Ubuntu 12.04 LTS,Precise Pangolin යන නමින් නම් කර අැත. එය 2017 අප්‍රියල් දක්වා සේවා සැපයීමට නියමිතය. 2011 ඔක්තෝම්බර් මස 13 දින නිකුත් කළ උබුන්ටු 11.10 ඔනිරික් ඔසිලට් දැනට පවතින නවීනතම සාමාන්‍ය සංස්කරණයයි.
2009 මාර්තු මස 12වන දින උබුන්ටු ප්‍රකාශ කරන ලද්දේAmazon EC2හි භාවිතා වන පරිදී තුන්වන පාර්ශවීය ක්ලවුඩ් කළමනාකරණ වේදිකාවක් සඳහා වැඩසටහන්කරුවන්ගේ අවශ්‍යතාව මතුව ඇති බවයි.
 විශේෂාංග
උබුන්ටු usabilityපරිහරණය කළ හැකිබව, ආරක්ෂිත බව සහ ස්ථිරභාවය  කෙරෙහි මූලිකවම අවධානය යොමු කරනු ලබයි. සජී‍වී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මකවන අවස්ථවක සිට පරිගණකය නැවත පණ ගැන්වීමකින් තොරව පරිගණක ස්ථිර මතකයේ උබුන්ටු ස්ථාපනය කිරීම සඳහා උබික්විටි ස්ථාපිතකරණය මගින් ඉඩදෙනු ලැබේ. තවද උබුන්ටු හැකිතරම් මිනිසුන් අතරට ව්‍යාප්ත කිරීම සඳහා සුලභ කිරීම හා ජාත්‍යන්තරකරණය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. විවිධ රෝමානු නොවන අකුරු ලිවී‍මේ ක්‍රමයන්ට උපකාරීවන UTF-8, උබුන්ටු ආරම්භය වූ 5.04 සිට පැවත එන නිත්‍ය සංකේත කේතන  ක්‍රමය වේ. ආරක්ෂක විශේෂාංගයක් ලෙස සූඩෝ මෙවලම පාවිච්චි කරන ලද අතර එමගින් පරිපාලන ක්‍රියාවලි සිදුකි‍රීම සඳහා තාවකාලික වරප්‍රසාද ලබාදීම, පරිපාලක ගිනුම ආරක්ෂාකාරීව පවත්වාගෙනයාම සහ පළපුරුදු නොවන පරිහරණය කරන්නන් නොදැනුවත්ව සිදුකරන වෙනස්කම්වලින් ‍හෝ ආරක්ෂක අගුළුවිවර කිරීම් වලින් පද්ධතිය ආරක්ෂා කරගත හැකිය.  තවද පද්ධතිය පාලන කර ගැනීම සඳහා මඳ පරිපාලන මූලධර්මය යටතේ ඩෙස්ක්ටොප් සංස්කරණයන්හී පොලිසිකිට් මෙවලම ස්ථාපිත කර ඇත.
උබුන්ටු පරිගණකයේ ස්ථාපනයවීමේදී මාදිලි රැසක මෘදුකාංග ලැබේ. OpenOffice.orgFirefoxEmpathy (උබුන්ටු 9.10 වලට කලින් සංස්කරණයන් හිPidgin ), TransmissionGIMP (උබුන්ටු 10.04වලට කලින් නිකුත් වූ සංස්කරණයන් හි) සහ තවත් සරල පරිගණක ක්‍රීඩා (සුදොකු සහ චෙස් වැනි) ඒ අතර වේ. මෙම පෙරනිමි මෘදුකාංග හැරුනු විට තවත් අමතර නිත්‍යනොවූ මෘදුකාංග බාගතකර ස්ථාපිත කරගත හැකි අතර ඒ සඳහා උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය  හෝ Synaptic පැකේජ කලමනාකරණය යොදාගත හැකිය. එම මෘදුකාංග දෙකම උබුන්ටු සමග ලැබෙන පෙරනිමි මෘදුකාංග වේ. උබුන්ටු සමග ලැබෙන firewall මගින් ජාලකරණ pots වැසීම සිදුකළ හැකිය. ඊට අමතරව පරිශීලකයාට රිසි පරිදී ports තෝරාගැනීමද සිදුකළ හැකිය. එසේම උබුන්ටු පරිශීලකයන් හට Gufw (සංකීර්ණ නොවූ Firewall සඳහා අතුරු මුහුණත්) මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය. GNOME (දැනට පවතින පෙරනිමි ඩෙස්ක්ටොප්) ව්‍යවහාරික භාෂා 46කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි.  ‍මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිර්මාණය කරන ලද බොහොමයක් වැඩසටහන් (උදාමයික්‍රොසොෆ්ට් ඔෆිස්) ක්‍රියාත්මක කිරීම සඳහාද උබුන්ටු පහසුකම් සපයයි. එය Wine හරහා හෝ අතථ්‍ය යන්ත්‍රය භාවිතා කරමින්ද කළ හැකිය.(උදා VMware Workstation හෝ VirtualBox).
ස්ථාපනය
උබුන්ටු ස්ථාපනය සාමාන්‍යයෙන් සජීවී සංයුක්ත තැටි උපයෝගී කරගනිමින් සිදුකරනු ලබයි. පරිගණක ප්‍රධාන මතකයේ ස්ථාපනය කිරීමකින් තොරව සජීවී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මක කළ හැකිවීම මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂ ලක්ෂණයකි( නමුත් අඩු කාර්යක්ෂමතාවයකින්). එමගින් මෙහෙයුම් පද්ධතිය කොතෙක් දුරට දෘඪාංග සහ දෘඪාංග ධාවක සමග ගැලපෙන්නේදැයි පරිශීලකයන් හට පරීක්ෂා කර බැලිය හැකිය. ඊට අමතරව මෙම උබුන්ටු සංයුක්ත තැ‍ටියේ Ubiquity ස්ථාපිතකරණයද අඩං‍ගුවේ. එමගින් පරිශීලකයන් හට මෙහෙයුම් පද්ධතිය ස්ථිර මතකයේ ගබඩා කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වනු ලබයි. දැනට පවතින හා කලින් පැවති සියළුම අනුවාදයන්හී සංයුක්ත තැටි අනුරුබාගත කර ගැනීම් සඳහා උබුන්ටු වෙබ් අඩවියේ පහසුකම් සපයා ඇත.  මෙම මෙහෙයුම් පද්ධතිය සංයුක්ත තැටියකින් ස්ථාපනය කරගැනීම සඳහා අවම වශයෙන් 256 MiB සසම්භාවී ප්‍රවේශ මතකයක් අවශ්‍යවේ.
පරිශීලකයන් හට උබුන්ටු අනුරුවක්(.iso) බාගත කර සංයුක්ත තැටියකට හෝ DVD තැටියකට පිටපත් කරගත හැකිය. එසේ නොමැතිනම් පරිගණකයේ ස්ථිර මතකයේ සිට ක්‍රියාත්මක කළ හැකිය(UNetbootin හෝ GRUB ඔස්සේ). උබුන්ටු ARMPowerPCSPARC, සහ IA-64 වේදිකාවන් හිදීද පවතී. නමුත් නිල වශයෙන් සේවා සපයන්නේ ARM සඳහා පමණි.
කැනොනිකල් සමාගම විසින් කිසිදු අයකිරීමකින් තොරව‍, අවම වශයෙන් තැපැල් ගාස්තුවද නොගෙන ලොව බොහෝ රටවලට උබුන්ටු හා කුබුන්ටු සංයුක්ත තැටි බෙදාහරිනු ලබයි.(ShipIt නම් සේවාව ඔස්සේ).
ස්ථාපිත කරන ලද උබුන්ටු මෙහෙයුම් පද්ධතියට දැනටමයික්‍රොසොෆ්ට් ‍වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවත්නා පිටුසනඩෙස්ක්ටොප් පසුතල ඇතුළු විවිධාකාර සිටුවම් ලබාගැනීම සඳහා Migration උපකාරකය (2007 අප්‍රියල් මස හඳුන්වා දුන්)  නම් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් උපාංගය භාවිතා කළ හැකිය.
BIOS හි වෙනස්කම් සිදුකිරීම මගින් උබුන්ටු හා කුබුන්ටු මෙහෙයුම් පද්ධති USB ෆ්ලෑෂ් ධාවකය යොදාගෙන ක්‍රියාත්මක කළ හැකිය. (ඒ සඳහා BIOS හි අදාල පහසුකම සපයා තිබිය යුතුය). USB මගින් ක්රිනයාත්මක කි‍රී‍මේ පහසුකම සහිත ඕනෑම පරිගණකයක උබුන්ටු ස්ථාපිත කිරී‍මකින් තොරව උබුන්ටු භාවිතා කිරීමේ හැකියාව එමගින් ලැබේ.   උබුන්ටු මෙහෙයුම් පද්ධතියUSB ෆ්ලෑෂ් ධාවකයක ස්ථාපනය කිරීම සඳහා USB creatorනම් නවතම වැඩසටහනක් උබුන්ටු නවතම අනුවාද වල පවතී.(සජීවී සංයුක්ත තැටියක් සහිතව හෝ රහිතව)
Wubi යනු සජීවී සංයුක්ත තැටිවල අඩංගුවන්නාවූ තවත් ‍විශේෂාංගයකි.  මෙම විශේෂාංගය මගින් අතථ්‍ය වින්ඩෝස් loop device මත උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කරයි. (මෙය වින්ඩෝස් මෙහෙයුම් පැනලය) මගින් ක්‍රියාත්මකවන අනෙත් වින්ඩෝස් වැඩසටහන් මෙන් ක්‍රියාකරන විශාල අනුරුවක් මෙනි). මෙම ක්‍රමය භාවිතා කිරීමේදී වින්ඩෝස් පරිශීලකයාගේ ප්‍රධාන මතකයකොටස්වලට බෙදිය යුතු නැත. තවද Wubi භාවිතයේදී පරිශිලකයාගේ වින්ඩෝස් සිටුවම් උබුන්ටු වෙත ලබාගැනීම සඳහා Migration උපකාරකය යොදාගැ‍නීමේ හැකියාවද ලැබේ. එම ක්‍රමය වින්ඩෝස පරිශිලකයන් සඳහා පමණක් වන අතර කාර්යක්ෂමතාවයේ සුළු අඩුවීමක් ද දැකගත හැකිය.
 නව ආකෘති සැකසීම
පරිශිලකයාට ඇවසි පරිදී වෙනස් කරගත හැකි නව ආකෘති සැකසීමේ විවිධාකාර වූ වැඩසටහන් (remastersys සහ Reconstructor වැනි) උබුන්ටු සජීවී සංයුක්ත තැටිවල පවතී.
 පැකේජ වර්ගීකරණය සහ සේවා
බලපත්‍රවල වෙනස්කම් සහ සහය දැක්වීමේ ප්‍රභලතාව මත සියළු උබුන්ටු මෘදුකාංග ප්‍රධාන කොටස් හතරකට වෙන්කරයි. කැනොනිකල් ආයතනය මගින් සේවා සපයන්නේ නැති සමහර මෘදුකාංග සඳහා ප්‍රජාදායකත්වයෙන් යාවත්කාලීන කිරීම් සිදුකරනු ලබයි.
නිදහස් මෘදුකාංග
නිදහස්‍ නොවන මෘදුකාංග
සහය දක්වන
ප්‍රධාන
සීමා සහිත
සහය දක්වන්නේ නැති
සමස්ථ
අධිවිශ්ව
ඩේබියන් නිදහස් මෘදුකාංග මෙහෙයුම් නිර්ණායක සමග යම්තාක් දුරකට අනුරූපීවන, උබුන්ටු බලපත්‍ර අවශ්‍යතා  සපුරන ලද මෘදුකාංග පමණක් නිදහස් මෘදුකාංග ගණයට අයත්‍ වේ. නමුත් ප්‍රධාන ගණයට අයත් firmware සහ fonts වැඩිදියුණු කළ නොහැකි වුවද අවසරයකින් තොරව බෙදාහැරිය හැකිය.

නිදහස් නොවන මෘදුකාංග සඳහා සාමාන්‍යයෙන් සහය දක්වන්නේ නැත(අධිවිශ්ව). නමුත් සමහර වැදගත් නිදහස් නොවන මෘදුකාංග (සීමා සහිත) සඳහා එවැනි බාධාවක් නොමැත. සහය දක්වන නිදහස් නොවන මෘදුකාංග, දෘඪාංග ආම්පන්න ධාවක සඳහා භාවිතා වේ. උදාහරණයක් ලෙස binary-only graphics card ධාවක පෙන්වාදිය හැකිය. වැඩසටහන්කරුවන් හට මූල කේතසඳහා අවසර නොමැති බැවින් සීමාසහිත කොටසට අයත් මෘදුකාංග සඳහා දක්වන දායකත්වය ප්‍රධාන කොටසට අයත් මෘදුකාංග සඳහා දක්වන දායකත්වයට වඩා අල්ප වේ. ජීඑන්යූ/ලිනක්ස් සාමාන්‍ය භාවිතය සඳහා වන සියළු මෘදුකාංග ප්‍රධාන හා සීමා සහිත යන ප්‍රභේද යටතේ පවතී. එම මෘදුකාංගවලින් සිදුකරන ලබන කාර්යයන්ම ඉටු කරගත හැකි විකල්ප මෘදුකාංග හා විශේෂිත වැඩසටහන් සමස්ථ හා අධිවිශ්ව ප්‍රභේද යටතේ වර්ගීකරණය කර ඇත.
මූලික නිකුතුවකින් අනතුරුව මෘදුකාංග සඳහා නව විශේෂාංග නිකුත් කරන්නේ නැත. උබුන්ටු බැක්පෝර්ට්ස් යනු නිල වශයෙන් පිලිගත් ගබඩාවකි. එමගින් උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීම සඳහා නවතම මෘදුකාංග සපයනු ලබයි.  එම ගබඩාව පරිපූර්ණ වූවක් නොවේ. එය මූලික වශයෙන්ම පරිශිලකයා ඉල්ලුම් කරන්නාවූ, තත්ව සහතික ලත් පැකේජවලින් සමන්විත‍ වේ. බැක්පෝරට්ස් මෘදුකාංග සඳහා කැ‍නොනිකල් ආයතනයෙන් කිසිදු සේවාවක් සපයන්නේ නැති අතර මුළුමනින්ම ලොව පුරා විසිරී සිටින වැඩසටහන්කරුවන් විසින් දියුණු කරනු ලබයි.
"යාවත්කාලීන ගබඩාවේ", උබුන්ටු ස්ථායි නිකුතුවකට අදාල මෘදුකාංග යාවත්කාලීනයන් අඩංගු‍‍ වේ. එම යාවත්කාලීනයන් උබුන්ටු යාවත්කාල-කලමනාකරණය යොදාගෙන ස්ථාපනය කරගත හැකිය. සෑම නිකුතුවකටම අදාල යාවත්කාලීනයන් එම ගබඩාවට ලබා ‍දේ.(උදා. intrepid-updates). ප්‍රධාන හා සීමා සහිත ප්‍රභේදයන්ට අයත් මෘදුකාංග සඳහා වන යාවත්කාලීන ගබඩාවටකැ‍නොනිකල් ආයතනය විසින් සේවා සපයනු ලබයි. සමස්ථ හා අධිවිශ්ව පැකේජ සඳහා ප්‍රජා දායකත්වය ලැබේ. සෑම යාවත්කාලීනයක්ම ප්‍රජාවට නිකුත් කිරීමට ප්‍රථම යම් යම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කළයුතු අතරම යෝජිත ගබඩාව හරහාද ගමන්කල යුතුය.  එම නිකුතුවේ ජීවකාලය අවසන් වනතුරු යාවත් කාලීනයන්ද දිගන් දිගටම පවතී.
යාවත්කාලීන ගබඩාවට අමතරව අස්ථායි, යෝජිත ගබඩාවක් ද පවතී. යොජනාවූ නමුත් තහවුරු නොකරන ලද යාවත්කාලීනයන් එම ගබඩාව තුළ පවතී. සෑම යාවත්කාලීනයක්ම නිපදවීමෙන් අනතුරුව යෝජිත ගබඩාවට යැවිය යුතුය. එහිදී එම යාවත්කාලීනයන්ගෙන් සත්‍ය වශයෙන් මෘදුකාංග දෝෂ නිවරදිවේද යන්නත් යාවත්කාලීනයන් නිසා වෙනත් දෝෂ  ඇති නොවන බවත් තහවුරු කරනු ලබයි. එම යෝජිත යාවත්කාලීනයන් කැනොනිකල් ආයතනය විසින් හෝ ප්‍රජාව විසින් සහතික කරනු ලබයි.
වානිජ මෘදුකාංග වෙලෙඳුන්ට තම නිෂ්පාදිතය උබුන්ටු පරිශිලකයන්ට නොමිලයේ ලබාදීම සඳහා කැනොනිකල් "හවුල්කාර" ගබඩාව පහසුකම් සලස්වා ඇත. එමගින් පරිශීලකයන්ට තමන්ට හුරු පුරුදු මෙවලම් ස්ථපනය කර පාවිච්චි කිරීමේ හැකියාව ලැබේ.  එසේ හවුල්කාර ගබඩාවේ පවතින මෘදුකාංග සඳහා ආරක්ෂක හා අනෙකුත් යාවත්කාලීනයන් නිලවශයෙන් ලබාදීමට අදාල වෙලෙඳුන් හට හැකියව ඇත. එම මෘදුකාංග උබුන්ටු පැකේජය තුළ අඩංගු කිරීම  සහ එම වෙලෙඳුන් හට අවශ්‍යකරන මග පෙන්වී‍ම  කැනොනිකල් සමාගමේ වගකීමකි. පෙරනිමි ලෙස හවුල්කාර ගබඩාව අක්‍රිය කර තැබෙන අතර, පරිශිලකයන් හට එය ක්‍රියාත්මක කරගත හැකිය. ඇඩොබි ෆ්ලෑෂ් ප්ලේයර්ඇඩොබි රීඩර්,ස්කයිප් සහ සන් ජාවා 2010 අගෝස්තු මාසය වනවිට එලෙස හවුල්කාර ගබඩාව හරහා බෙදා හැරි මෘදුකාංග කිහිපයකි.
 භාවිතයේ ඇති තුන්වන පාර්ශවීය මෘදුකාංග
මේවාත් බලන්න: Medibuntu සහ Getdeb
තුන්වන පාර්ශවීය මෘදුකාංග සහතික කිරීමේ ක්‍රියාවලියක් උබුන්ටු සතුව පවතී.  උබුන්ටු අධිවිශ්ව ප්‍රභේදය තුළ ව්‍යාප්තිය සීමා නොවූ සමහර තුන්වන පාර්ශවීය ‍මෘදුකාංග ද ඇත. නීත්‍යානුකූලව සීමාකල හැකි මෘදුකාංග[[ubuntu-restricted-extras]|උබුන්ටු-restricted-extras] පැ‍කේජ තුළ පවතී. ඒ අතර MP3 සහ DVD ක්‍රියාකරවීම සඳහා වැඩසටහන් මයික්‍රොසොෆ්ට් TrueType core fontsසන් ජාවා runtime environmentඇඩෝබි ෆ්ලෑෂ් ‍ප්ලේයර් ප්ලිනය, බොහෝ audio/video කොඩැක්ස් සහ unrar වේ.
තවද තුන්වන පාර්ශවීය වැඩසටහන් මිලදී ගැනීමේ හැකියාවද කැනොනිකල් වෙබ් ගබඩාව ලබා‍ දේ . එහි DVD ප්ලේබැක් හා මීඩියා කොඩැක්ස් ඇතුළු තවත් මෘදුකාංග අන්තරගතවේ.
 නිකුතු
Version
Code name
Release date
Supported until
Desktop
Server
Warty Warthog
2004-10-20
2006-04-30
Hoary Hedgehog
2005-04-08
2006-10-31
Breezy Badger
2005-10-13
2007-04-13
Dapper Drake
2006-06-01
2009-07-14
2011-06-01
Edgy Eft
2006-10-26
2008-04-25
Feisty Fawn
2007-04-19
2008-10-19
Gutsy Gibbon
2007-10-18
2009-04-18
Hardy Heron
2008-04-24
2011-05-12
2013-04
Intrepid Ibex
2008-10-30
2010-04-30
Jaunty Jackalope
2009-04-23
2010-10-23
Karmic Koala
2009-10-29
2011-04-30
Lucid Lynx
2010-04-29
2013-04
2015-04
Maverick Meerkat
2010-10-10
2012-04
Natty Narwhal
2011-04-28
2012-10
Oneiric Ocelot
2011-10-13
2013-04
Colour
Meaning
Red
Release no longer supported
Green
Release still supported
Blue
Future release




අවුරුද්දකට දෙවරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත්වේ. අවුරුද්ද සහ මාසය උබුන්ටු අනුවාද අංකය තීරණය කරනු ලබයි. උදාහරණ ලෙස ප්‍රථම නිකුතුව 2004 ඔක්තෝම්බර් 20 දින උබුන්ටු 4.01 ලෙස නිකුත් කරන ලදී. ඉදිරි නිකුතුවල අනුවාද අංකය පිළිබඳව අනාවැකි පල කළ නොහැක්කේ නිකුතුව ප්‍රමාද වුවහොත් අනුවාද අංකයද ඒ අනුව වෙනස්වන බැවිනි.
උබුන්ටු සංකේත නාම සඳහා නාම විශේෂනයක් සහ සතකුගේ නාමයක් යොදා ඇත.(උදා, "ඩැපර් ඩාර්ක්" and "ඉන්ටර්පිඩ් ඉබෙක්ස් "). මුල් නිකුතු තුන හැරුනුවිට අනෙත් නිකුතුවන්ගේ නාමයන් ඉංග්‍රීසි අකාරාදී පිළිවලින් පවති. නවතම නිකුතුව පිළිබඳව ඉඟියක් ඉන් ලබා දේ. සාමාන්‍යයෙන් උබුන්ටු අනුවාදය හැඳින්වීම සඳහා නාම විශේෂන කොටස පමණක් භාවිතා කරනු ලබයි.
GNOME නිකුතුවකින් මසකට පමණ පසු උබුන්ටු නිකුතුවක් සිදුවේ. (X.org නිකුකුවකින් මසකට පමණ පසුව GNOME නිකුතුවක් සිදුවේ) එහි ප්‍රතිපලයක් වශයෙන් සෑම උබුන්ටු නිකුතුවක් සමගම යාවත්කාලීන වූ GNOME හා X.org පවතී. තෝරාගත් නිකුතු (උදා 6.06 Dapper Drake,8.04 Hardy Heron සහ 10.04 Lucid Lynx) දිගු කාලීන සේවා(දිකාසේ) ලෙස නම් කර ඇත. එනම් එම නිකුතුවල ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකද සර්වර් සංස්කරණයක්  as compared to the 18-month support period for non-LTS releases.  සඳහා අවුරුදු පහකද යාවත්කාලීන කිරීම් සහිත සේවා සැපයීමක් පවතී. ‍නමුත් කෙටි කාලීන සේවා ලැබෙනුයේ මාස 18ක කාලයක් පමණි.
දැනට පවතින අනුවාදය වන 10.10 මෙවැරික් මීර්කට් 2010 ඔක්තෝම්බර් මස 10වන දින (10/10/10) නිකුත් කරන ලදී. මෙය සාම්ප්‍රදායික කාලසටහනට, එනම් ඔක්තෝම්බර් මස අවසානයේ නිකුත් කිරීමට පරිබාහිරව නිකුත් කරන ලද්දේ "පරිපූර්ණ 10" සනිටුහන් කිරීමටය.

උබුන්ටු 11.04, 2011 අප්‍රියල් මස 28 වන දින එලි දැක්වීය. එහි නාමය "නැටී නර්හෝල්" ලෙස නම් කෙරින.
 ප්‍රභේද

කේඩීඊ මෘදුකාංග සම්පාදන ඩෙස්ක්ටොප් පරිසරයභාවිතයට ගන්නා කුබුන්ටු, උබුන්ටු බෙදාහැරීමේ නිල ප්‍රභේදයකි.
පහත දැක්වෙන්නේ කැනොනිකල් ආයතනය සහ උබුන්ටු ප්‍රජාව මගින් නිපදවා නඩත්තු කරගෙන යනු ලබන නිල උබුන්ටු සංස්කරණයන් වේ
§  උබුන්ටු ඩෙස්ක්ටොප් සංස්කරණය, ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහා නිපදවා ඇත.
§  උබුන්ටු නෙට්බුක් සංස්කරණය, (කලින් උබුන්ටු නෙට්බුක් රීමික්ස්) නෙට්බුක් හා අනෙකුත් කුඩා පරිගණක සඳහා නිර්මාණය කර ඇත.
§  උබුන්ටු සර්වර් සංස්කරණය, සර්වර් පරිගණක සඳහා නිපදවා ඇත.
උබුන්ටු නිල සංස්කරණය පදනම් කරගත් තවත් ‍බොහෝ උබුන්ටු ප්‍රභේද (හෝ ව්‍යුත්පන්නයන්) ඇත. මෙම උබුන්ටු ප්‍රභේද, නිල උබුන්ටු ව්‍යාප්තියට වඩා වෙනස් වූ පැකේජ සමූහයක් ස්ථාපනය කරනු ලබයි.
පහත දැක්වෙන්නේ උබුන්ටු ව්‍යාපෘතිය යටතේ කැනොනිකල් ආයතනයේ දායකත්වය දෙනු ලබන උබුන්ටු ප්‍රභේදයන්ය.[
§  එඩියුබුන්ටු, GNOME පාදක කරගත් උප ව්‍යාපෘතියක් සහ උබුන්ටු සඳහා ඈඳුමක්වන අතර පාසල් පරිශිලකයන් හා සාමාන්‍ය නිවාස පරිශීලකයන් ඉලක්කකර නිර්මාණය කර ඇත.
§  කුබුන්ටුGNOME ඩෙස්ක්ටොප් පරිසරය වෙනුවට මෙහි කේඩීඊ මෘදුකාංග සම්පාදක ඩෙස්ක්ටොප් පරිසරය භාවිතා කරනු ලබයි.
§  මයිත්බුන්ටු, ‍හෝම තියටර් පරිගණක පරිශිලකයන් ඉලක්ක කර නිපදවා ඇති මෙහි Xfce ඩෙස්ක්ටොප් පරිසරය භාවිතා කරනු ලබයි.
§  උබුන්ටු ස්ටුඩියෝ,වෘත්තීය රූපමය හා ශබ්ද සංස්කාරකයන් සඳහා නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ සුවිශේෂී නිදහස් රූපමය හා ශබ්ද සංස්කරණ මෘදුකාංග අඩංගු කර ඇත. මෙය අනෙකුත් උබුන්ටු ‍ප්‍රභේද මෙන් සජීව සංයුක්ත තැටියක නොලැබෙන අතර DVD .iso අනුරුවක් ලෙස ලැබේ.
§  එක්සුබුන්ටු, මෙයද GNOME ඩෙස්ක්ටොප් පරිසරය පාදක කරනොගන්නා අනුවාදයකි. මෙහි Xfce ඩෙස්ක්ටොප් පරිසරය යොදාගන්නා අතර අවම තත්ව යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වේ.

කැනොනිකල් ආයතනය විසින් මයිත්බුන්ටු, උබුන්ටු ස්ටුඩියෝ සහ එක්සුබුන්ටු සඳහා මූල්‍යමය දායකත්වයක් නොදක්වයි.
අනෙකුත් ප්‍රභේදයන් කැනොනිකල් ආයතනයෙන් පිටත, පෞද්ගලික සහ ආයතනික වශයෙන් නිපදවා නඩත්තු කරගෙන යනු ලබයි. එම ප්‍රභෙද ස්වයංව පාලනය වන අතර උබුන්ටු ප්‍රජාව සමග අඩු වැඩි වශයෙන් සමීප වනු ඇත. LXDE භාවිතා කරන, සැහැල්ලු ප්‍රභේදයක් වන ලුබුන්ටු වැනි සමහර ප්‍රභේදයන් හට කැනොනිකල් සමාගමේ අනුමැතිය ලබාගැනී‍මේ නිශ්චිත පරමාර්ථය පවතී.
පද්ධති අවශ්‍යතා
දැනට උබුන්ටු ඩෙස්ක්ටොප් අනුවාද Intel x86AMD64, සහARM] යන නිර්මිත සඳහා සහය දක්වයි. සමහර සර්වර් අනුවාද SPARC නිර්මිතයටද සහය දක්වයි. PowerPC, IA-64 (Itanium) සහ PlayStation 3නිර්මිත, නිල නොවන අනුවාද සඳහා සහය දක්වයි.(සටහන: කෙසේවුවත් Sony සමාගම නිලවශයෙන් OtherOS සඳහා සහය දැක්වීම 2010 අප්‍රියල් මස 1 දින නිකුත් කළ PS3 මෘදුකාංග වලින් අනතුරුව නවතා ඇත).
දැනට අවම අවශ්‍යතා
300 MHz
1 GHz
128 MiB
512 MiB
GB
5 GB
640×480
1024×768

සටහන: තිර දෘශ්‍ය ආචරණ ක්‍රියාත්මක කිරීම සඳහා සහය දක්වන GPU අවශ්‍ය වේ..
 ගොඩනැගීම

"උබුන්ටු ගොඩනගන්නන්ගේ සමුළුව" යනු නව උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමට පෙර පවත්වනු ලබන මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමකි.
නව ගොඩනැගීමක් ආරම්භයේදී, මීළඟ අනුවාදය කෙසේ විය යුතුද, කොපමන ගැඹුරකට ‍කළ යුතුද වැනි කරුණු ලෝකයේ හතර දිග් භාගයෙන්ම පැමිණි මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරනු ලබයි. එම සමුළුව විවෘත සමුළුවක් වන අතර එය කි‍සිසේත්ම සම්මන්ත්‍රණයක්, ප්‍රදර්ශනයක් හෝ ප්‍රේක්ෂකයන් සඳහා කරනු ලබන සම්මේලනයක් වැනි දෙයක් නොවේ. එය අන්තර්ජාලය හරහා දැන හඳුනගත් මෘදුකාංග වැඩසටහන්කරුවන් හට එකට එකතු වී කටයුතු කළ හැකි අනගි අවස්ථාවකි.
පිලිගැනීම

වර්ෂ 2005දී ලන්ඩනයේ පැවැත්වූ ලෝක ලිනක්ස් සම්මන්ත්‍රණයේදී හොඳම ලිනක්ස් බෙදාහැරීමට අදාල රීඩර් සම්මානය උබුන්ටු විසින් දිනා ගන්නා ලදී. තවද වර්ෂ 2007 දී හොඳම නිදහස් මෘදුකාංග සේවා දායක මෙහෙයුම් පද්ධතියට හිමිවන Bossie සම්මානයද හිමිකරගන්නා ලදී.
වර්ෂ 2007 අගෝස්තු මාසය වන විට DesktopLinux.com වෙත පැමිනි මිනිසුන් 38500න් 30.3%ක්ම උබුන්ටු පා‍විච්චි කිරීම අනුමත කළ අතර එය ජනප්‍රියතම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය විය.
මොසේඩියානු ජනරජයේ අධ්‍යාපන හා විද්‍යා අමාත්‍යංශය මගින් උබුන්ටු ජීඑන්යූ/ලිනක්ස් සහිත ඩෙස්ක්ටොප් පරිගණක 180,000ක් ස්ථාපනය කළ අතර එමගන් උබුන්ටු පණ ගැන්වූ පරිගණක භාවිතයට පාසල් සිසුන් ‍යොමුකරන ලදී.
උබුන්ටු වැරදි ලෙස ඇගයීමට ලක්වූ අවස්ථාද වාර්තාවේ. 2008 මුල් භාගයේදී PC World මගින් උබුන්ටු ඩෙස්ක්ටොප් සංතුලිත ආචරණ කලමනාකරණය අ‍ඩංගු නොවන බවට චෝදනා එල්ල කරන ලදී. උබුන්ටු "අද ලෝකයේ හොඳම ලිනක්ස් බෙදෘහැරීම" ලෙස නම් කළද කලින් නැගූ චෝදනා වැළැක්විය නොහාකි විය.
2009 ජනවාරි මාසයේ New York Times වාර්තා කල අන්දමට ලොවපුරා මිලියන 10කට අධික පරිශිලකයන් පිරිසක් සිට ඇත. 2009 ජූනි මස ZDNet වාර්තා කල අන්දමට ලොව පුරා මිලියන 13කට අධික සක්‍රීය උබුන්ටු පරිශිලකයන් පිරිසක් සිට ඇති අතර එම සංබ්‍යාව වැඩිවෙමින් පවතී.