Wednesday, May 9, 2012

Vacuum Tube Head Phone Amplifier + PCB Making


Vacuum Tube Head Phone Amplifier + PCB Making

අකාලෙට වැහි වගේ බ්ලොග් ලියන මම ඔන්න අද ලියන්න යනේ Audio ගැන උනන්දුවක් දක්වන හා electrons වලට කැමති අයට පොඩි පොස්ට එකක්. ඉස්සෙලා බලමු මොනවද මේ Vacuum Tubes/Valve කියනේ කියලා.  1900 ගනන් වලට මේ Transistor, IC(Integrated Circuits ) එන්න කලින් රේඩියෝ, TV විතරන් නොවෙයි පරිගණක පවා බාවිතා කරේ මේ වැකුම් ටියුබ්.
Vacuum Tube
ඔය තියෙන්නේ Tube එකක්, මේක හරියට බල්බ් එකක් වගේ, ඒ විතරක් නොවෙයි, මේක ඇතුලේ ෆිලමන්ට් එකක් තියන නිසා මේක ටිකක් කලාමැදිරි එලියට දැල්වෙනවා.
වැකුම් ටියුබ් හදන හැටි බලන්න ඕනේනම් මෙන්න විඩියෝව. කොටස් බරගානක් ඇත
දැන් කෙනෙක් කියන්න පුලුවන් මෙචර Electronicස දියුනු වෙලා තියන කාලේ මොන එකකට මේ 1900 බර ගනන් වල ටියුබ් බාවිතා කරනේ කියලා. Audiophiles ඒ කියනේ sound පිස්සෝ ලොව වටා තවම්ත් කියනවා ටියුබ් වලින් ලැබුන සද්ද ගුනාතම බව ට්‍රාන්සිස්ටර්, අයි.සී වලින් නොලැබෙන බව. එම නිසා තවමත් ඉහල ගණයේ ඇම්පිලිෆයර් එහම හදනවා මේ වැකුම් ටියුබ් යොදාගෙන.
ටික කාලෙක ඉදන් මටත් උවමණාවක් තිබුනා ටියුබ් ඇම්ප් එකක් හදන්න, ඒක කරන්න ටියුබ් බාවිතය ගැන එචර දැනීමක් නති නිසා වැඩේ පොඩියට පටන්ගන්න හිතුවා. ඒ කියනේ හෙඩ්ෆොන් ඇම් එකකින්. බලමු කොහොමද හදන්නේ කියලා. ඒ කාලේනම් ටියුබ් දේවල් හැදුවේ P.C.B නැතිව point to point වයරින් වලින්. ඒ කියනේ කොටස් වයර් මගින් සම්බන්ද කරලා. නමුත් අපි දැන් කරනේ Hybrid ක්‍රමයට. හික්… දැම් හැමෝටම Hybrid අමාරුවනේ… ඔන්න පෙට්‍රිල් අද ඉදන් ගනන් ගියා කියනේනේ 
PCB සෑදීමට උවමණා දේවල්.
Laser Printer, PCB Layout එකක්. (මම යොදාගත්තේ ඊගල් පී.සී.බී හදන සොෆ්ට් වෙයාර් එක, මේක free), ferric chloride, copper clad board වගේම රෙදි මදින iron එකක්. පරණ මැගසින් එකක් දිලිසෙන කොලයක්, 1mm (මේක හොයාගන්න නම් දෙවියන්ගෙම පිහිටයි, මොකද ලංකාවේ mm ක්‍රමයට කටු විකුනන්නේ නෑ, ඒක නිසා මම ගෙන්න ගත්තේ ඊබේ එකෙන්.) හා 1.5mm drill කරු හා drill එකක්. වලන් මදින කෙදි ඇති මැට් එකක්. tinnier ටිකක්. ප්ලාස්ටික් බාජනයක්. කඩදාසි ටේප්.
උවමණා ප්‍රමාණයට PCB කැල්ල කපා, එය වලන් මදින කෙදි ඇති මැට් එනෙක් හොදට කොපර් ඇති පැත්ත සුද්ද කරගන්න.
දැන් PCB පැටන් එක මැගසින් කොලේ ප්‍රන්ට් කරගෙන, ( මේ සදහා බබල් ජෙට්/ ඉන්ක් ජෙට් ප්‍රන්ටර් බාවිතා කල නොහැක) ප්‍රන්ට් කරපු පැත්ත කොපර් බෝඩ් එක පැත්ත සිටින ලෙස තබා හොදින් දෙපැත්ට ටේප් යොදන්න
දැන් අයන් එක හොදට රත්කර අලවපු කොලය උඩින් තියලා තදකරගෙන විනාඩියක් පමණ සිටින්න, දැන් අයන් එකේ හොදින් කොලේ මදින්න, මතක තියාගෙන්න එහම කරනකොට කොලේ එහාට මේහට නොවෙන්න වග බලාගන්න. ඉන්පසුව PCB එක කොලෙත් එක්කම වතුර එකක දමා විනාඩි 20~30 සිටින්න.
දැන් සෙමින් කොලය වතූරේ තිබියදී ගලවා ඉවත් කරන්න, මෙහිදී කොපර් පැත්තට ඇලුන toner ගැලවී නොයන ලෙස කරගන්න. හරියට කරානම් දැන් ටෝනර් ටික PCB එකේ ඇලී තිබියදී කොලය ගලවා ඉවත්වේ. ටෝනර් ගැලවුනු තැනක් තියනවානම් permanent marker එකක් යොදාගෙන එම තැන් නැවත සකසන්න.
 
දැන් ෆෙරික් ක්ලෝරඩ් ටික ප්ලාස්ටින් බාජනයට දමා එය PCB එක දමන්න, ඔබට ලැබුනේ ෆෙරික් කෝරඩ් කුඩුනම් එය වතුට පිරවූ බාජනයකට දමා දිය කරන්න. මතක තියාගන්න ෆෙරික් ක්ලෝරඩ් වලට වතුර එකතු කරන්න එපා. වතුරට ෆෙරික් කෝරඩ් එකතු කරන්න. ඒ වගේම ෆෙරික් කෝරඩ් යකට බාජන වලට දමන්න එපා.
මෙය කරන තැන හොදට සුළන් වදින තැන වීම අනිවාර්‍යයයි. මොකද මෙමගින් විෂකාරක වායුන් පිටවෙනවා වගේම ෆෙරික් කෝරඩ් අතේ හෝ කිසිම යකඩ දේක ගන්න එපා.
සැරෙන් සැරේට එම බාජන පොඩක් සොලවා පි.සි.බී. එකේ තබ දියවීමට උපකාර කරන්න. සියලුම තබ දියවූ පසු P.C.B එක හොදින් වතුරෙන් සෝදාගන්න. ඉන්පසුව ටිනර් ජොදා පී.සී.බී එකේ ඇති ටෝනර් ටික ඉවත්කරගන්න.
 
දැන් ඉතින් උවමණා තැන් වල හිල් ගසා කෑලී සවිකරන්න තමයි තියෙනේ :)
 
 
සමානයෙන් tube වැඩකරන ලොකු වීල්ටීය තාවක් ඕනේ, (200V වගේ) ඒක නිසා මේක transistor (MOSFETS ) හා tube එකතුව ලෙස එන්නේ. එම නිසා 12v වලින් මෙය කරදයක් නැතුව වැඩ කරන්න පුලුවන්.  මම යොදාගත්ත ටියුබ් එක 1959 නිපදවූ එකක්. මේවා eBay එකෙන් ලේසියෙන් ගන්න පුලුවන්. රු.1500 පමණ වෙනවා.
Test කරන්න නම් යොදාගත්තේ AKG K121 හෙඩ් ෆෝන් හා Grado SR60i හෙට් ෆෝන් දෙක, මටනම් සද්දේ ගොඩක් හොදයි. play කරන්න යොදාගත්තේ 196/24bit flac audio වගයක්. (HD Tracks)  CD එකක් නම් 44.1/16bit තමයි. නමුත් මේ වගේ එකක් ටෙස්ට්න් කරන්න high resolution audio යොදාගන්න එක හොදයි නේ. input එක දුනේ නම් MAC Book Pro එකකින්.
ගොඩක් අය කියනවා, අනේ මට ඔය කොලිටි තේරෙන්නේ නෑ කියලා, තවත් කෙනෙක් කියනවා මගේ එක මැක්ක්සා කොලිටි කියලා. කොහොම උනත් ඔය දෙගොල්ලන්නටම තමන්නා හැකියාව බලන්න ක්‍රමයක් තියනවා. ඒ harman kardon සමාගම මගින් ලබාදෙන How to listen කියන software එක. එමගින් තමන්ගේ sound ගැන තියන හැකියාව බලනවා වගේම නොදන්න අයට ඉගෙන්න ගන්නත් පුලුවන්. මේක බාවිතා කරන්න නම් ඉතින් ටිකක් හොද sound card එකක් හා speaker/head phones ඕනේ වෙනවා.

2 comments:

  1. ඔන්න පළවෙනි පෝස්ට් එකට මුල්ම කමෙන්ට් එක මගෙන්... මම හිතන්නේ කම්පියුටර් වැඩ කෑලි ගැන මෙලෝ හසරක් නොදන්න මම වගේ අයටයි, ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාටයි මේ බ්ලොග් එක ගොඩක් වැදගත් වේවි...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නකෝ.. එතකොට කමෙන්ට් කරන්න ලේසි..

    ReplyDelete
  2. kalinga ayyage blog eken copy karala pest karala.... mehema blog 100k liyanawata wada hoda nadda thamagema kiyala eka liyumak liyala dana eka??????

    ReplyDelete