Wednesday, May 9, 2012

පරිගණක දෘඩාංග යනු


පරිගණක දෘඩාංග යනු පරිගණකයක වන භෞතික කොටසය. මීට සංඛ්‍යාංක විද්‍යුත් පරිපථ පද්ධතිය ද අයත්වන අතර දෘඩාංග තුළ ක්‍රියා කරන මෘදුකාංග මේවායින් වෙන්කොට දැක්විය හැක. මෘදුකාංග හා දෘඩාංග දත්ත සමග සැසදීමේදී පරිගණක දෘඩාංගවල වෙනස් වීම් කලාතුරකින් සිදු වේ. ඒවා “මෘදු” ලෙස සදහන් කරනුයේ ඒවා පාවිච්චියට පෙරම පරිගණකය තුළ නිර්මාණය, නවීකරණය හෝ මකාදමා තිබීම හේතුවෙනි. ස්ථිරාංග යනු මෘදුකාංගවල විශේෂිත අංගයක් වන අතර ඉතාම කලාතුරකින් වෙනස් කිරීමක් අවශ්‍ය වන කොටසකි. එබැවින් ක්ෂණික වෙනස් කිරීම් සිදු නොවන කියැවීම් මතකය (ROM) වැනි දෘඩාංග උපකරණ තුළ මේවා ගබඩා කරනු ලබයි. (එම නිසා “මෘදු” පමණක් වනවාට වඩා ස්ථිර වේ)
බොහෝමයක් පරිගණක දෘඩාංග, සාමාන්‍ය භාවිත කරන්නන්ට දක්නට නොලැබේ. ඒවා මොටෝරිය, සූක්ෂම තරංග උදුන්, විද්‍යුත් කන්තු රේඛන යන්ත්‍ර, සංයුක්ත තැටි ධාවක හා අනෙකුත් උපාංග තුළම සකසන ලද පද්ධති වේ. බොහෝ දෙනා පරිගණක දෘඩාංග ලෙස හඳුනන්නේ පුද්ගලික පරිගණකවල දෘඩාංග වුවද එය සමස්ත පරිගණක ප්‍රමාණයෙන් ගත් කළ 0.2% තරම් අතිශය කුඩා අගයකි.

No comments:

Post a Comment