Tuesday, November 3, 2015

[How to] Network Boot මගින් පරිගනකයට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම

[How to] Network Boot මගින් පරිගනකයට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම


main
                                   කාලෙකට පස්සේ අද ලිපියක් ලියන්න යන්නේ. අද කතාකරන්නේ Network එක හරහා ඒ network  එකට සම්බන්ධව තියෙන තවත් පරිගනකයට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන විදිය.මෙම ක්‍රමය මගින් windows,linux ආදී හැම මෙහෙයුම් පද්ධති ස්ථාපනයට කරන්න පුලුවන්.ඇතෙන්ම මේකට අවශ්‍ය වෙන්නේ pxe network boot enable PC සහ Router එකක්.(Picture 1)අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන router  වල DHCP (Dynamic Host Configuration Protocol) පහසුකම දීලා තියෙන හින්දා මේ වැඩේට ගොඩක් පහසුයි.මෙ සියල්ලම කරන්න target PC එකේ Network Boot කරන පහසුකම තිබිය යුතුයි.
  මේ සියල්ලම කරන්න අවශ්‍ය වෙන්නේ Serva කියන පොඩි මුදෘකාංගය.මෙමෙගින් දැනට පහත මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන්න පුලුවන්.

Windows 2000 – Professional/Server/Advanced Server/Datacenter Server
Windows XP – Home/Tablet PC/Media Center/Professional/Professional (x86/x64)
Windows Server 2003 – Standard/Enterprise/Datacenter/Web (x86/64)
Windows Vista – Starter/Home Basic/Home Premium/Business/Enterprise/Ultimate (x86/64)
Windows Server 2008 R2 – Foundation/Standard/Web/Enterprise/Datacenter (x86/64)
Microsoft Hyper-V Server 2008 R2 (x64)
Windows Home Server 2011 – Standard/Premium (x86/64)
Windows Small Business Server 2011 – Essentials/Standard/Premium (x64)
Windows 7 – Starter/Home Basic/Home Premium/Professional/Enterprise/Ultimate (x86/64)
Windows 8 – Basic/Pro/Enterprise (x86/64)
Windows 8 upgrade ESD – Pro (x86/64)
Windows Server 2012 – Datacenter/Standard/Essentials (x64)
Microsoft Hyper-V Server 2012 (x64) 

Windows 8.1 RTM – (x86/64)
a
1.මුලින්ම SERVA non-supporter version (32bit /64bit)  එක මෙතනින් භාගන්න.මේ ලිපියෙන් කතාකරන්න යන්නේ Windows OS එකක් install කරගන්නා හැටි.මෙහි භාවිතාවේන්නේ PXE (Preboot eXecution Environment) කියන network boot environment එක.මන් මේ ගැන වැඩිය විස්තර කරන්න යන්නේ නෑ.මෙය සිදුකරන ආකරය අපි පිලිවලින් පිලිවෙලට කතාකරමු.
a
2.දැන්  C:\SERVA_ROOT (හෝ ඔබට කැමති තැනක ) යනුවෙන් empty folder එකක් සාදා Serva විවෘත කරගන්න.
a
3.මෙහිදී ලැබෙන window එකේහි  SETTING>TFTP TAB ගොස් එහි  TFTP server එක select කර ඔබ සෑදු folder path එක TFTP server root directory එකට ලබාදෙන්න .
TFTP setting
a
4.ඊලගට DHCP tab එක open කරගන්න. මෙහි ඔබට DHCP enable router එකක් තිබෙනම් proxyDHCPපමනක් තොරන්න.(සාමාන්‍යයෙන් සෑම router එකකම DHCP පහසුකම ඇත ) නැතිනම් DHCP Server තොරා DHCP Setting යටතේ එන Target PC එකෙහි IP address ආදි තොරතුරු සපයන්න. පසුව Service Add-On යටතෙහි ඇති BINL (Boot Information Negotiation Layer )තෝරා OK කරන්න.
dhcp setting
a
5.දැන් Serva close කර නැවත open කරගන්න.මෙවිට අදාල folder (මගේ  SERVA_ROOT) එකෙහි සදහා අවශ්‍ය ගොනු සෑදෙනු ඇත.ඔබ Serva හි යම්කිසි වෙනසක් කර පසු සෑම  විටම restart කිරිම අත්‍යවශ්‍යය.
serva root
             මෙහිදී ඔබට WIA_RIS හා WIA_WDS යන folder දෙක තමයි ඉදිරි පාවිච්චියට අවශ්ය වන්නේ. RIS (Remote Installation Services) යනු Microsoft මගින් මුලින්ම net installing කිරීම සදහා Microsoft දැරූ ප්‍රයත්නය ලෙස හදුන්වන්න පුලුවන්.උදාහරන  ලෙස Windows 2000, Windows XP, and Windows Server 2003  ආදියයි .WDS (Windows Deployment Service) යනු  RIS හි අලුත් සංස්කරනයයි.Windows Vista සිට ඉහලට ඇති සියලුම මේ සදහා සහයදක්වයි.කෙටියෙන්;
  • WIA_RIS සහය දක්වනුයේ  Windows 2000, XP, සහ  Server 2003 distributions (32/64)ට පමනි. 
  • WIA_WDS සහය දක්වනුයේ  Windows Vista සිට ඉහලට ඇති සියලුම  සංස්කරනයි.
a
6. දැන් අවශ්‍ය windows installation file ටික අවශ්‍ය folder  එකට copy  කරගන්න.උදාහරනයක් ලෙස මට Windows 7 install කරගන්න අවශ්‍ය නිසා එම file ටික  C:\SERVA_ROOT\WIA_WDS\win7\  යනුවෙන් WIN7 යනුවෙන් new folder එකක් WIA_WDS  තුල සාදා copy කරගන්නවා(මන්ද WDS සහය දක්වනුයේ Vista සිට ඉහල සංස්කරන සදහා) .මෙලසම ඔබට අවශ්‍ය Setup files ටික ඒ ඒ folder වලට copyකරගන්න( Windows XP,2000 නම් WIA_RIS folder ඇතුලට ).මේ සදහා .ISO බාවිතාකල නොහැක.
a
7. දැන් කලයුත්තේ WIA_WDS folder එක share කරගැනීමය.මෙයට folder මත right click කර Properties>Sharing Tab>Advanced Sharing තෝරා WIA_WDS_SHARE නමින් share name එක add කරගන්න.ඔබ XP,2000 ආදි පරන සංස්කරනයක් ස්ථාපනය කරන්න යනවනම් WIA_RIS යන folder එකWIA_RIS_SHARE  නමින් share කලයුතුය.(සැ.‍යු: folder දෙක එකවිට shareනොකරන්න.එකක් කරන විට අනික share නොකරන්න )
Sharing setting
        ඇතෙන්ම Windows XP වගේ RIS os එකක් ස්ථාපනය කරන්න යනවනම් ටිකක් කට්ටක් කන්න වෙනවා.කලින් කිව්වා වගේ RIS කියන්නේ Microsoftලගේ මුල්ම ප්‍රයත්නය නිසා. මේ folder එක WIA_RIS_SHARE නමින් “NULL SESSION SHARE” යටතේ share කරන්න ඕනේ.ඒක කරන හැටි දැනගන්න මෙතනින් පිවිසෙන්න.දැන් නැවත Serva  Re-Start කරගන්න.
a
8.දැන් Serva එකේ සැකැසිය යුතු සියලුම Settings සාදා අවසන්.දැන් තියෙන්නේ Target PC එකේ Boot Order එක සාදන්න.මේ සදහා BIOS වලට ඇතුලු වී BOOT DEVICE PRIORITY  එකෙහි මුල් තැනට ETHERNET තෝරන්න(මෙ නම motherboard එකෙන් එකට වෙනස් වේ.සාමාන්‍ය‍යෙන් පරන BIOS වල BOOT TO NETWORK Disableකරලා තියෙන්නේ ඒක Enable කරගන්න. )දැන් Settings save කරලා restart කරගන්න.
boot order (OLD)
boot order(new)
a
9. ඔබට දැන් Network  boot වෙන බව පෙන්වයි.
boot
සියල්ල හරියට සිදුවී ඇතිනම් පමනක් network boot වී මෙම window එක දකින්නට ලැබෙයි.මෙයින් ඔබට OS අවශ්‍ය එක තෝරා ස්ථාපනය කරන්න.
serva boot screen
loading
a
10.දැන් Installation screen එකට load වෙන්න කලින් මෙවගේ login screen එකක් එයි.(WDS OS සදහා පමනි ) මෙකෙන් කරන්න ඔයාලගේ Serva run කරන PC එකට Login වෙන එක. USER සදහා ඔබගේ User name එකත් Password සදහා user account password හි එකත් ලබාදෙන්න.User account password එකක් නොමැතිනම් අලුතෙන් එකතු කරන්න ( උදා:  Username:NAMILAPC ,Password:123)
login screen
Username,Password හරිනම් Installation screen එක ලැබෙවි.එවිට සාමාන්‍ය පරිදි දිගටම කරගෙන යන්න.

install

No comments:

Post a Comment