Tuesday, November 3, 2015

2014 වසරේ ලෝකයේ හොදම ෆ්‍රී ලාන්සර් වෙබ් අඩවි 5

2014 වසරේ ලෝකයේ හොදම ෆ්‍රී ලාන්සර් වෙබ් අඩවි 5


අන්තර්ජාලයේ මුදල් ඉපයීම කළ හැකි ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් වනුයේ ෆ්‍රී ලාංසර් වෙබ් අඩවි වල වැඩ කිරීමයි. සරලව කිවහොත් තම හැකියාවන් සාධාරණ මිලකට අගය කොට ඊට අදාලව ලැබෙන ඇනවුම් නියමිත කාල පරිඡේදයේදී සිදු කර ලබා දීමයි. මෙයට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් සහ ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ ඇනිමේෂන්, ෆෝග්‍රැමින්, වෙබ් ඩිසයින් වැනි එක දෙයක් පිළිබද දැනුම සෑහේ.


1. ෆයිවර් .කොම් / fiverr.com


        ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන ෆ්‍රී ලාන්සර් වෙබ් අඩවිය වනුයේ ෆයිවර් වෙබ් අඩවිය යි. සාමාන්‍ය‍යෙන් ඩොලර් 5ක අගයකට නියම කර ඇති සේවාවන් රාශියක් මෙහි ඇත. මෙම ඩොලර් 5කට අගය කළ එක් කොටසක් ගිග් එක්ක නමින් හැදින්වෙන අතර එක් පුද්ගලයෙකුට මෙවැනි ගිග් 20ක් ඇතුලත් කළ හැක. 
ඇලෙක්සා අගය- 120






2. ඔඩෙක්ස් .කොම් / oDex.com


       ගොඩක් ෆ්‍රී ලාන්සර් වරුන් කැමති මෙම වෙබ් අඩවියේ වැඩ කිරීමටයි. මෙහිදී ඔබට කැමති මුදලක් නියම කරමින් මිලදී ගන්නන් හට වඩාත් ගුණාත්මක හා වෘත්තීය මට්ටමෙන් ඉහළ සේවාවක් ලබා දීමට හැකියාව ඇත.  මෙහි අන්තර්ගත ඔන්ලයින් විභාග වලට පෙනී සිට තමන්ගේ ලෙවල් එක/ තත්වය ඉහළ නංවාගෙන වැඩි ජොබ් ප්‍රමාණයක් ලබා ගත හැක.
ඇලෙක්සා අගය- 393




3. එලන්ස් .කොම් / Elance.com


      මෙය දැනට ඇති පැරණිම ෆ්‍රී ලාන්සර් වෙබ් අඩවිය වේ. 1999 වසරේ සිට මෙම වෙබ් අඩවිය පැවත ගෙන එයි. සාමාන්‍යෙයන් මසකට 50,000 කට වඩා වැඩි සේවාවන් තොගයක් මෙම වෙබ් අඩවියට අලුතෙන් ඇතුලත් කරයි .
ඇලෙක්සා අගය- 410 



4. ෆ්‍රී ලාන්සර් .කොම් / freelancer.com


       මෙම වෙබ් අඩවිය ද ගොඩක් ෆ්‍රී ලාන්සර් වරුන් ප්‍රිය කරන වෙබ් අඩවියකි. එලෙසම දැනට විශාල මුදලක් ගෙවා ලබා ගන්නා සේවාවන් බොහොමයක් මෙම ෆ්‍රී ලාන්සර් අඩවියේ ඇතුලත් වේ. සේවා මිලදී ගන්නන්ට අවශ්‍ය කරන සේවාවට අදාලව, බිඩ් කිරීම මගින් හොදම මුදලට හොදම සේවාව ලබා ගැනීමට හැකියාව ඇත.
ඇලෙක්සා අගය- 591




5. පීපල් පර් අවර් .කොම් / Peopleperhour.com


       විශේෂයෙන් මෙය එක්සත් රාජධානිය පාදක කරගත් ප්‍රී ලාන්සර් වෙබ් අඩවියකි. 2008 ඉතා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් මෙම වෙබ් අඩවිය එය දිගින් දිගටම පවත්වා ගැනීමට සමත් විය.මෙය ප්‍රෝගැමර් වරුන්ට, ග්‍රැෆික් ඩිසයින් වරුන්ට, වර්චුවල් සහයකයින්ට සහ නිර්මාණශිලි රචකයන්ට හොද ගෙවීම් ලබා ගත හැකි තැනක් ලෙස ප්‍රචලිතය.
ඇලෙක්සා අගය- 1631

No comments:

Post a Comment